Tuesday, April 14, 2020

ගේය පද වැලක හිතුවක්කාර විචාරය

රසවින්දනය හිතක අන්නෝන්‍ය වූ අදහසකට උරුම කම් නොකියයි.එය පුද්ගලයා මත ඔවුනොවුන්ගේ රසතැන් වල සීමාවන් මත තීරනය වේ.මා ඉදිරිපත් කරන අරුත, ගේය පද වැලෙහි උරුමකරුවාගේ අදහසට සම හෝ විරුද්ද විය හැක..


එගොඩහ යන්නෝ  මෙගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ

 ගඟුල අනෝමයි අද මට වෙහෙසයි යනවා නම් එන්නේ

මම මේ ගඟුලේ අගුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා

පමා නොවන්නේ අදුර වැටෙන්නේ  යනවා නම් එන්නේ

මම මේ ගඟුලේ අගුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා


                                       අද මෙන් පාලම් පහසුකම් නොතිබුනු සමයක මිනිසුන් ගඟකින් එගොඩ මෙගොඩ ගියේ ඔරුවක හෝ පහුරක නැගීය.මෙම ගීතයෙ බැලූ බැල්මට පෙනෙන්නේ තොටියෙකු එතෙරවෙන්නන්ට කරන ආයාචනයක් වැන්නකි.නමුත් මෙහි ඊට ගැඹූරු අරුතක් පවතී.මෙහි තොටියා යනු ස්වාමීන්වහන්සේ නම්කි.උන් වහන්සේ උතුම් බොදු දර්ශනයට අනුව මිනිසුන් සසරින් එතෙර කරන්නෙකි.මෙහි එගොඩහ යනු සදාකාලික සැපය හෙවත් නිර්වානයයි.මෙගොඩහ යනු සසරේ පටන් ගැන්මයි.යමෙකු සසර දුකින් අත්මිදීමට නම් නිර්වානය ලැබිය යුතුය,එනම් මෙගොඩහට යායුතුය.ගගුල හෙවත් ගංගාව යනු බියකරු සසරයි.සසර තුල ජීවීන් අනන්ත දුක් විදියි.ජාති ජරා ව්‍යාදි මරණ වලට ලක් වෙයි.එසේම ගංගාවත් ඉතා ගැඹූරුය,රොන් මඩ පිරී ඇත.ජල පහර සැඩය.එමගින් සසරේ බියකරු බාවය පෙන්වයි.

මෙම තොටියා ගංගාව එතෙර වන්නේ අගුලෙහි නැගීය.අගුල යනු පාරුවක් වැනි දෙයකි.මෙහි අගුලට උපමා කර ඇත්තේ උතුම්  බොදු දර්ශනයයි.බුදුන් ,දහම් ,සඟුන් යන තෙරුවනේ සරන යමින් මේ දුකින් අත් මිදිය හැක.ඒ අනුව මේ අගුල ජීවීයාගේ සසරේ ගැලවීමයි.

“මම මේ ගඟුලේ අගුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා” 

මා ද මේ අගුලේ යමින් ,එනම් දර්මයේ හැසිරෙමින් පුද්ගලයන්ගේ සසර ගමන කෙටි කර ගැනීමට පිහිට වනවා යැයි තොටියා  පවසයි.මෙහි තොටියා හෙවත් ස්වාමීන් වහන්සේ පුද්ගලයින් තෙරුවනේ සරන යවමින් දැඩිව වෙහෙසට පත් වී ඇත.එනම් උන්වහන්සේගේ කය වියපත් වී ඇත.දැන් අවසන් වශයෙන් එගොඩ යාමට සූදානම්ය.
උන්වහන්සේ ආරාදනා කරයි.

“අදුර වැටෙන්නේ  යනවා නම් එන්නේ"


අදුර යනු මරනයයි .කුසල් නොකරමින් ,දර්මයේ නොහැසිරෙමින් ,සත්වයා මරනය කරා ගිය විට.ඔහු මේ සසරේ අසීමිතව දුකට පත්වෙයි.එනිසා තොටියා අනතුරු අඟවයි.මා සමඟ විත් සසරෙන් එතෙර වී  ලෝකදාතුවේ අප්‍රනමාණ සැපය ලබා ගන්න.
තොටියෙකුට ,ගංගාවකටකට වෙස් ගන්වමින් උතුම් බොදු දර්ශනයේ යතාර්තය මේ ගීතයේ සරල බසෙහි ගැඹූරු අර්තකතනය වේ.......


                                               නිසල් මන්දිර තල්පාවිල



Sunday, December 16, 2018

අනඟ රැඟුම

නව යොවුන් විය
දොරටුව අභියස
අකලට මේරූ
මල් පොහොට්ටුව
කාසි පනමට
උකස් වූ හද
රැගුම් රඟදෙයි

සුරගනක හැඩ ,
මියුරු සත්සර
වලට හැඩවෙන
ඔබේ නිතබේ
නිරාමිස සුව
දැනී ගතකට
කිලිපොලා යයි
තබා ඇරයුම